වැදගත් සිදුවීම්

චීන රජයට අයත් නාවික නෞකා 3 ක් කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය මැයි 31 දින ශ්‍රී ලංකාවට සේන්දුවූ චීන නාවික හමුදාවට අයත් ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන් අද (ජුනි 3) දින කොළඹ වරායෙන් පිටත්ව යන ලද අතර එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත උත්තමාචාරය පුදකරන ලදී.

03 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) උතුරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

03 Jun 2017

කැලණිය ප්‍රදේශයේ ඇල මාර්ග පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

කැලණිය ප්‍රදේශයේ අපවිත්‍ර වී තිබූ ඇල මාර්ග කීපයක් පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව යොදවා ඇත.

03 Jun 2017

නාවික හමුදා මැරීන් භටයන් මොරවක ප්‍රදේශයේ පිරිසිදු කිරීම්වල
 

පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් මාතර දිස්ත්‍රික්කයේ මොරවක ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට අයත් නාවිකයන් මේ වන විට එම ප්‍රදේශයේ පිරිසිදු කිරීම් වල නිරත වෙමින් සිටී.

02 Jun 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රසික දිසානායක මහතාගේ සුරතින් අද (ජූනි 2) කුරුණෑගල, වැල්ලව ගම්මානයේදී ජනතා අයිතියට පත් කෙරුණි.

02 Jun 2017

සුරියවැව, මීගහජදුර ගම්මානයේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් නිමාවට පත් කරමින් අද (2) සුරියවැව, මීගහජදුර ගම්මානයේ පිහිටි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලදී.

02 Jun 2017

සැකකටයුතුධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) කන්කසන්තුරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී දී ‍ඩිංගි යාත්‍රාවක් සමග ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

02 Jun 2017

පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

පෑලියගොඩ අධිවේගී පිවිසුම් මාර්ගය අසල ඇති මීගහවත්ත ඇල මාර්ගයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදාව සහාය දැක්වීය.

02 Jun 2017

ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් තවත් පරිත්‍යාගයන්
 

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (01) දිනයෙත් පරිත්‍යාගයන් කීපයක් සිදු කරන ලදී.

01 Jun 2017

රටවල් 3 ක නෞකා 7 ක් ආපදා සහන සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

2003 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්ත්වය හමුවේ රටවල් 3 කට අයත් නෞකා 7 ක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

01 Jun 2017