වැදගත් සිදුවීම්

කොමදෝරු සුසිල සේනාධීර මහතා ජනාධිපති කාර්යය මණ්ඩල අධ්‍යක්ෂ ඉංජිනේරු තනතුරට පත් කෙ‍රේ
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු (සිවිල් ඉංජිනේරු) සුසිල සේනාධීර මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු තනතුරට පත් කර ඇත.

10 Nov 2017

අන්තර් විධාන සරඹ තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි
 

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 08 වන දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි.

10 Nov 2017

චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායට
 

චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් පුහුණු නෞකාව අද (නොවැම්බර් 10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

10 Nov 2017

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා ආරක්ෂක සහයෝගිතා අධ්‍යක්ෂක හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ආරක්ෂක සහයෝගිතා අධ්‍යක්ෂක, කපිතාන් ෆ්‍රෑන්ක් ලින්කෝස් මහතා අද (නොවැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

09 Nov 2017

රියර් අද්මිරාල් නීල් රොසයිරෝ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ භාර ගනී
 

නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඊයේ (නොවැම්බර් 08) පත් වූ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා අද නාවික හමුදා මූලස්ථාන මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල වශයෙන් සිය ධූර‍යේ රාජකාරී අරඹන ලදී.

09 Nov 2017

නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ සන්ධ්‍යා රණසිංහ මැතිනිය ඊයේ (නොවැම්බර් 08) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගන්නා ලදී.

09 Nov 2017

අග්නිදිග ආසියාතික රාජ්‍යයන්හි අන්තර්ජාතික නෞකා පිරික්සුම 2017 සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව තායිලන්තය බලා ගමන් අරඹයි
 

අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව වන ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අද (නොවැම්බර් 09) ත්‍රිකුණාමලය වරායෙන් තායිලන්තය බලා පිටත් වන ලදී.

09 Nov 2017

14 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 33 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 14 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 33 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට විසිර යෑම ඊයේ (නොවැම්බර් 08) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේදී සිදු කෙරුණි.

09 Nov 2017

රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට
 

නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පත් කොට ඇත.

08 Nov 2017

සාර්ථක සංචාරයකින් අනතුරුව පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 05 වන දින කොළඹ වරායට සේන්දු වූ පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 08) දිවයිනෙන් පිටත් විය.

08 Nov 2017