වැදගත් සිදුවීම්

කෙරවලපිටිය ප්‍රදේශයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම් විසින් ඊයේ (ජනවාරි 05) රාත්‍රී කොළඹ, කෙරවලපිටිය ප්‍රදේශයේ හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමට සමත් විය.

06 Jan 2018

කසමෝරෙකු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 05) ත්‍රිකුණාමලය වරාය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස විකිනීමට සූදානම් කර තිබූ කසමෝරෙකු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

06 Jan 2018

ස්වේච්ඡා නාවිකයන්ගේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 66 වන සංවත්සරයට සමගාමීව ඊයේ (ජනවාරි 04) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘ලංකා’ ආයතනයේදී ස්වේච්ඡා නාවිකයන්ගේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ කරන ලදී.

05 Jan 2018

ගංජා මිශ්‍ර මත්කුඩු (මාවා) කිලෝග්‍රෑම් 2.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ යාපනය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 04) සිදු කළ වැටලීමකදී යාපනය නාවර් වීදිය ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මත්කුඩු (මාවා) කිලෝග්‍රෑම් 2.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Jan 2018

කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක මහතා අද (ජනවාරි 04) දින වැඩ භාර ගන්නා ලදී.

04 Jan 2018

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් ඊයේ (ජනවාරි 03) නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

04 Jan 2018

නීති විරෝධී ලෙස කැස්බෑවෙකු ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පූනරින් පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 03) සිදු කළ සෝදිසි කිරීමකදී කිලිනොච්චි, පල්ලිකුඩා ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ජීවී කැස්බෑවෙකු ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

04 Jan 2018

සඟවා තැබූ ගෝඩා බැරල් 3 ක් සොයා ගැනේ
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වාකරෙයි පොලීසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 03) සිදු කළ සෝදිසි කිරීමකදී, වාකරෙයි පනිච්චන්කේනි ප්‍රදේශයේ සඟවා තැබූ තහනම් මත් පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ගෝඩා බැරල් 3 ක් සොයා ගන්නා ලදී.

04 Jan 2018

ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය ගුවන් හමුදාවට භාර දෙයි
 

පසුගිය වසරේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගන්නා ලද කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය ජනවාරි මස 01 වන දින නිල වශයෙන් ගුවන් හමුදාව වෙත භාර දෙන ලදී.

03 Jan 2018

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 02) කල්පිටිය, ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

03 Jan 2018