වැදගත් සිදුවීම්

මෑත ඉතිහාසයේ සොයාගත් වැඩිම කේරළ ගංජා තොගය නාවික හමුදාව සොයා ගනී
 

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් තුනකට (03) අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී ඊයේ (සැප්තැම්බර් 07) ඉරණතිව් දුපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 284.05 ක් සොයා ගෙන ඇත.

08 Sep 2018

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2018 ත්‍රිකුණාමලයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) අද (සැප්තැම්බර් 07) ආරම්භ කෙරුණු අතර, එය සැප්තැම්බර් 13 වන දින දක්වා ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

07 Sep 2018

ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවන් තුනක් (03) ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් සුමිත්‍ර, කර්ච් සහ කෝරා ද්ව් යන නෞකාවන් ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගිවීම සඳහා අද (සැප්තැම්බර් 07) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

07 Sep 2018

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල මහා පෙරහැරට නාවික හමුදා දායකත්වය
 

වාර්ෂිකව පවත්වනු ලබන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැර මෙම වසරේද පසුගිය අගෝස්තු 16 වන දින සිට 28 වන දින දක්වා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

07 Sep 2018

ආරක්‍ෂක සේවා වුෂු තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
 

ආරක්‍ෂක සේවා වුෂු තරඟාවලිය පනාගොඩ, යුද්ධ හමුදා කඳවුරේදී ඊයේ (සැප්තැම්බර් 06) පැවැති අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීය.

07 Sep 2018

ශ්‍රීලංනානෞ ‘අභීත II’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ශානක ජයතිලක මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘අභීත II’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ශානක ජයතිලක මහතා අද (සැප්තැම්බර් 07) වැඩ භාර ගන්නා ලදී.

07 Sep 2018

ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී රියර් අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපති මහතා අද (සැප්තැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

06 Sep 2018

ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (සැප්තැම්බර් 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

06 Sep 2018

කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා අද (සැප්තැම්බර් 06) වැඩ භාර ගන්නා ලදී.

06 Sep 2018

නව පත්විම ලද රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා අද (සැප්තැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

05 Sep 2018