වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් උදය සුමනසේකර මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (නාවික හා ගුවන් මෙහෙයුම්) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උදය සුමනසේකර මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (නොවැම්බර් 03) විශ්‍රාම යන ලදී.

03 Nov 2018

දකුණු මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියට නාවික හමුදා දායකත්වය
 

ගාල්ල දිස්ත්‍රික්කයේ රූමස්සල අවට මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියක් ඊයේ (නොවැම්බර් 02) ආරම්භ කල අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ දැනුමින් සහ ‘ඉන්සි’ සිමේන්ති සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. තවද, නාවික හමුදා කිමිදුම් අංශය මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කිමිදුම් සහය ලබා දෙනු ලබයි.

03 Nov 2018

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) ඊයේ (ඔක්තෝබර් 29) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

30 Oct 2018

නාවික හමුදාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (ඔක්තෝබර් 29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු විය.

30 Oct 2018

බුරුන්ඩි ජනරජයේ උප ජනාධිපති තුමා ඇතුළු දූත පිරිස වැලිසර නාවික බෝට්ටු නිෂ්පාදනාංගනය නරඹයි.
 

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බුරුන්ඩි ජනරජයේ උප ජනාධිපති, අතිගරු ගැස්ටන් සින්ඩිම්වෝ මහතා ඇතුළු දූත පිරිස නාවික බෝට්ටු නිෂ්පාදනාංගනය නැරඹීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුර වෙත ඊයේ (ඔක්තෝබර් 28) දින පැමිණියහ.

29 Oct 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට පත් විය.

29 Oct 2018

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “රං පුතා 06” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (ඔක්තෝබර් 28) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

29 Oct 2018

නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා දේවස්ථානය අලුත්වැඩියා කර ජනතා අයිතියට පත් කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෞද්ධ සංගමයේ අරමුදලින් වෙන් කරන ලද රු. 1,117,543.15 ක පිරිවැය දරමින් නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ නාවිකයින්ගේ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් අලුත්වැඩියා කර පිළිසකර කරන ලද ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා (Sebamalai matha ) දේවස්ථානය පසුගිය ඔක්තෝබර් 27වන දින ජනතා අයිතියට පත්කරන ලදී.

29 Oct 2018

ශ්‍රි ලංකා බෝට්ටු ප්‍රදර්ශනය 2018 සඳහා නාවික හමුදාවේ නියෝජනය
 

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ බෝට්ටු තාක්ෂණ දියුණු කිරිමේ ආයතනය එක්ව සංවිධානය කරනු ලැබු යාත්‍රා ප්‍රදර්ශනය මෙවර ගාලු වරාය පරිශ්‍රය තුල ඉතා උත්කර්ෂවත් අයුරින් පසුගිය ඔක්තෝබර් මස 26 වන දින ආරම්භ කෙරුණු අතර, එය දින 3ක් පුරා පැවැත්වීණ.

29 Oct 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ඔක්තෝබර් මස 25 සහ 26 යන දිනයන් හිදී ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා අංගනය ඉදිරිපිට මුහුදේ දී පවත්වන ලදී.

28 Oct 2018