ශිල්ප සේනා ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද “ ශිල්පසේනා ප්‍රදර්ශණය - ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය” 2019 වැඩ සටහන 2019 සැප්තැම්බර් මස 25 වන දින සිට 29 වන දින දක්වා පොලොන්නරුව, කදුරුවෙල ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වු අතර, එම ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් එක් කොට තිබිණි.
01 Oct 2019
පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත අද (2019 ඔක්තෝම්බර් 01) ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි විසින් ප්‍රදානය කරන ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ෂේමාල් ප්‍රනාන්දු ද සහභාගි විය.
01 Oct 2019