වැදගත් සිදුවීම්

නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 නොවැම්බර් 26 වන දින බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී විදේශීය දුම්වැටි බණ්ඩල 13ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

27 Nov 2019

ඇමරිකානු නාවික හමුදාවට අයත් පැසිෆික් වර්ධන කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂක සහ නව අධ්‍යක්ෂක නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් පැසිෆික් වර්ධන කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂක ප්‍රධාන බලලත් නිලධාරි ක්‍රිස්ටෝෆර් මෝර් සහ නව අධ්‍යක්ෂක ලුතිනන් කොමාන්ඩර් කේසි මැක්හෙන්රි 2019 නොවැම්බර් 25 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

26 Nov 2019

Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය 2019 නොවැම්බර් 24 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් පිටියේදී (Sandy Bay golf course ) පවත්වන ලදී. මෙම තරඟාවලිය ආධුනික, නිලධාරි සහ ශූරතා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, ආධුනික කාණ්ඩයට ප්‍රධාන තරඟාවලීන් සඳහා ක්‍රීඩා නොකළ නාවික හමුදා නිලධාරින් සහ නැවියන් සහභාගීවි සිටියහ. නිලධාරි කාණ්ඩය සඳහා පුහුණුවන නිලධාරින් ඇතුළුව අනෙකුත් නිලධාරින් තරඟ කරන ලදී. තවද, ශූරතා කාණ්ඩය සඳහා ගොල්ෆ් ක්‍රීඩාවට දක්‍ෂ නාවික හමුදා ක්‍රීඩකයින් සහභාගී වූ අතර, තරඟාවලිය සඳහා නිලධාරීන් 13 දෙනෙක් සහ නාවිකයින් 11 දෙනෙක් සහභාගි වූහ

26 Nov 2019

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 25) ත්‍රිකුණාමල වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

25 Nov 2019

මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් සහ අලෙවි කල පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

24 Nov 2019

වෙහෙරගල ජලාශයේ වාන්දොරටු අළුත්වැඩියාව සඳහා නාවික හමුදා දායකත්වය

තණමල්විල, වෙහෙරගල ජලාශයේ අක්‍රීයව පැවැති වාන් දොරටු අළුත්වැඩියා කර විවෘත කිරීම සඳහා නාවික හමුදාව සිය දායකත්ව සපයන ලදී.

24 Nov 2019

අටවන ලද ජාකොටු තුල සිරවී සිටි‍ කැස්බෑවන් 32 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 24 වන දින මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.

24 Nov 2019

පානදුර, ළදරු නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි

ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අභිමානවත් 37 වන සංවත්සරය එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදී ඇති අතර, එය නිමිති කර ගනිමින් ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා ඇතුළු නැව් මුළුව විසින් ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

23 Nov 2019

නාවික හමුදාව පැල සිටුවීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය සපයයි

එලායන්ස් ෆිනෑන්ස් (පුද්) සමාගම ‍විසින් සංවිධානය කරනු ලබන ‘සමගිය වෙනුවෙන් පැල මිලියනයක්’ ව්‍යාපෘතිය 2019 නොවැම්බර් 22 වන දින යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

23 Nov 2019

69 වන නාවික දිනයට සමගාමිව ක්‍රිස්තියානි දේව මෙහෙයක් කොළඹදී

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සර සැමරුම එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදි ඇති අතර, ඒ අනුව නාවික හමුදා දිනයට සමගාමිව පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය 2019 නොවැම්බර් 22 වන දින කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පැවැත්විණි.

23 Nov 2019