ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නෞකාවක සේවය කරමින් සිටියදී හෘදයාබාධයකින් මිය ගිය සූපවේදියෙකු ගේ මෘත දේහයක් ආරක්‍ෂිතව ගොඩබෑම සඳහා නාවික හමුදා සහාය.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නොකාවක් වන ‘MV GRACE’ නෞකාවේ ප්‍රධාන සූපවේදියා ලෙස සේවය කල පුද්ගලයෙකු හදිසියේ හෘදයාබාධයකින් මිය යාම හේතුවෙන් ඔහුගේ මෘත දේහය අදාල නෞකාවෙන් ලබා ගැනීමෙන් අනතුරුව එම මෘත දේහය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා අදාල නෞකාවේ නියෝජිතායතනය වෙත භාර දීමට නාවික හමුදාව අද (2020 අප්‍රේල් 22) සහය ලබා දෙන ලදි.
22 Apr 2020
Colombo International Container Terminals (CICT) ආයතනය වෙතින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් Colombo International Container Terminals ආයතනය විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 22) නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.
22 Apr 2020
නාවික හමුදාව විසින් පවත්වනු ලබන තවත් සංගීත සැදෑවක් ගම්පහ ප්‍රදේශයේදී.
නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට
ඉතාලිය බලා ගමන් කරමින් තිබූ MSC Magnifica නම් මගී නෞකාවේ සේවය කල අනුර බණ්ඩාර හේරත් මහතා සමඟින් තවත් දෙදෙනෙක් (02) නිරෝධායනයෙන් පසු නිවෙස් වෙත.
ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත පෞද්ගලික ආයතන සහ සිවිල් සංවිධාන වෙතින් ආරක්ෂිත ඇඳුම් පරිත්‍යාග කරයි

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි සිදු කරනු ලබන නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාව සඳහා අවශ්‍ය ආරක්‍ෂිත ඇදුම් තොගයක් කහතුඩුව Hydramani Pentex ආයතනය සහ ‘The Fight Against Corona Team’ යන සංවිධානය මගින් නාවික හමුදාව වෙත භාරදීම 2020 අප්‍රේල් 21 වන දින ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී දී සිදු කරන ලදි.
21 Apr 2020
නාවික හමුදාව විසින් තවත් සංගීත සැදෑවක් මහර, කඩවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.
නාවික හමුදාවේ දායකත්වයෙන් මසා නිම කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල තොගයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වෙත භාරදීම සිදු කරන ලදි.

කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 150ක ප්‍රමාණයක් සංකේතාත්මකව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වෙත භාර දීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 අප්‍රේල් 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.
21 Apr 2020