වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද (2021 පෙබරවාරි 15) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

15 Feb 2021

වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න අද (2021 පෙබරවාරි 15) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

15 Feb 2021

දීඝවාපී චෛත්‍ය ප්‍රථිසංස්කරණ කටයුතු සදහා නාවික හමුදාව මගින් රුපියල් මිලියන 05 ක පරිත්‍යාගයක්

දීඝවාපී චෛත්‍යයේ ප්‍රථිසංස්කරණ කටයුතු වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය අද (2021 පෙබරවාරි 12) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 සම්බෝධී විහාරස්ථානයේදී පැවැත්වුනු අතර, එහිදී දීඝවාපී චෛත්‍යයරාජයානන් ප්‍රතිසංස්කරණය කර සංරක්‍ෂණය කිරීම වෙනුවෙන් නාවික හමුදාව මගින් පරිත්‍යාග කෙරෙන රුපියල් මිලියන පහක් (05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත ලබාදෙන ලදි.

12 Feb 2021

‘සයුරුසර’ සඟරාවේ 42 වන කලාපය එළිදකී

‘සයුරුසර’ සඟරාවේ 42 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2021 පෙබරවාරි 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.

11 Feb 2021

කොළඹ නාවික අභ්‍යාසයේ - CONEX 2021 තුන්වන වෙළුමේ අවසන් දිනය නාවික හමුදාධිපතිගේ අධීක්‍ෂණයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තෙවන වරටත් පවත්වනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise –CONEX 21) 2021 පෙබරවාරි 10 වන දින සාර්ථකව නිමාවට පත්වූ අතර, තෙදිනක් පුරා පැවැත්වූ මෙම නාවික අභ්‍යාසයේ අවසන් දිනය වන 2021 පෙබරවාරි 10 වන දින පැවති අභ්‍යාසය අධීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

11 Feb 2021

ගාලු මුවදොර ප්‍රථිසංස්කරණ කටයුතු සඳහා නාවික හමුදා දායකත්වය

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය ක්‍රමවත්ව ප්‍රථිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Galle Face Green Project) යටතේ සිදු කෙරෙන ප්‍රථිසංස්කරණ කටයුතු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් අද (2021 පෙබරවාරි 08) දින නිරීක්‍ෂණය කරන ලදී.

08 Feb 2021

කොළඹ නාවික අභ්‍යාසයේ (CONEX) තුන්වන වෙළුම දියත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තුන්වන වරටත් පවත්වනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය - 2021’ (Colombo Naval Exercise –CONEX 21) සමාරම්භක උත්සවය අද (2021 පෙබරවාරි 07) කොළඹ වරායේ දී ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව තුල පැවැත්විණි. මෙම නාවික අභ්‍යාසය 2021 පෙබරවාරි 08 වන දින සිට 10 වන දින දක්වා කොළඹට නුදුරු මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, එම අභ්‍යාසයේ සැළසුම්ගත අධියරයන් ඉදිරි දින 03 තුලදී ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම නාවික දියත් විධානයේ මෙහෙයවීමෙන් සිදුවේ.

07 Feb 2021

නාවික හමුදාව අම්පාර ප්‍රදේශයේ ඉදිකළ තවත් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස අම්පාර පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අභිනවයෙන් ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට පත් කිරීම 2021 පෙබරවාරි 04 වන දින සිදු කල අතර, එම මධ්‍යස්ථානයන්ද සමඟ මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 817ක් ඉදිකිරීමට කටයුතු කර ඇත.

06 Feb 2021

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “KRI Bung Tomo” නෞකාව දෙදින (02) නිළ සංචාරයක් සඳහා අද (2021 පෙබරවාරි 05) හම්බන්තොට වරායට සේන්දු විය.

05 Feb 2021

73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව නාවික හමුදා උභය තරණ ශක්‍යතාවයන් ගාලු මුවදොර වෙරළ තීරයේදී ප්‍රදර්ශනය කෙරේ

73 වන අභිමානවත් නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද නාවික හමුදා උභය තරණ ශක්‍යතාවයන් ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් ගාලු මුවදොර වෙරළ තීරයේදී 2021 පෙබරවාරි 04 වන දින ආරම්භ විය.

05 Feb 2021