වැදගත් සිදුවීම්

‘කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2023’ ආරම්භ වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) 2023 පෙබරවාරි මස 06 වන දින ආරම්භ කෙරුණු අතර, එය 2023 පෙබරවාරි මස 13 වන දින දක්වා බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

10 Feb 2023

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගූ අද දින (2023 පෙබරවාරි 08) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

08 Feb 2023

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Jean - Francois PACTET මහතා නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

06 Feb 2023

இலங்கைக்கான பிரான்ஸ் தூதுவருக்கும் கடற்படைத் தளபதிக்கும் இடையில் உத்தியோகபூர்வ சந்திப்பு

இலங்கைக்கான பிரான்ஸ் தூதுவர் கெளரவ திரு. Jean - Francois PACTET அவர்கள் இன்று (2023 பிப்ரவரி 06) கடற்படைத் தளபதி வைஸ் அட்மிரல் பிரியந்த பெரேராவை கடற்படைத் தலைமையகத்தில் சந்தித்தார்.

06 Feb 2023

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 05) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී.

05 Feb 2023

75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් නාවික හමුදාව විසින් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2023 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් යාපනය ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

05 Feb 2023

අභිමානවත් 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි.

“සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 75 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී, අද දින (2023 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉන්දික ද සිල්වා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

04 Feb 2023

75 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින ‍(2023 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 75 වැනි නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.

04 Feb 2023

ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (Rear Admiral Justin Jones) ඇතුළු ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

04 Feb 2023

ඉන්දීයාවේ රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Staff Brig. Gen. (Dr.) Mohmmad Essa H Alhrbi අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

04 Feb 2023