වැදගත් සිදුවීම්

දියත් විධානයේ සංවිධායකත්වයෙන් නෞකා අණදෙන නිලධාරීන්ගේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සංසදයක්

නාවික හමුදා දියත් විධානයේ සංකල්පයක් මත හා සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියේ විවිධ නෞකාවන්ට අණදුන් හිටපු අණදෙන නිලධාරීන්ගේ අත්දැකීම් වත්මන් අණදෙන නිලධාරීන් සහ ඉදිරියේදී අණභාර ගැනීමට නියමිත නිලධාරීන් අතර හුවමාරු කර ගැනීමේ සංසදයක් (Experience Sharing Forum - 23) 2023 ජුනි මස 08 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කෙරිණි.

09 Jun 2023

ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත චීන රජයේ උපහාරය පිරිනමයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් වෙත චීන රජයේ උපහාරය පිරිනමා කිමිදුම් කණ්ඩායම ඇගයීමේ උත්සවයක්, ශ්‍රී ලංකාවේ චීන තනාපති ගරු කී ෂෙන්හොං මහතා ගේ (Qi Zhenhong) සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 06 වන දින කොළඹදී පැවැත්විණි.

07 Jun 2023

රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් 2023 ජුනි මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

07 Jun 2023

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ අද දින (2023 ජුනි 06) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

06 Jun 2023

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Avihay Zafrany අද දින (2023 ජුනි 05) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

05 Jun 2023

‘PNS SHAHJAHAN’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුනි මස 02 වන දින දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2023 ජුනි මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

05 Jun 2023

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 02) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

02 Jun 2023

සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ‍ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන Colonel Paul Clayton සහ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීමට නියමිත Colonel Darren Woods, සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා අද දින (2023 ජුනි 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

02 Jun 2023

ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍යභට නිලධාරීන් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වෙයි

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් ගේ ආරාධනයෙන් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ඉන්දියාවේ එසිමලා (Ezhimala) හි පිහිටි ඉන්දීය නාවික හමුදා විද්‍යා පීඨයේ 2023 මැයි මස 27 වන දින පැවති ශිෂ්‍ය භට නිලධාරීන් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියද සහභාගී විය.

29 May 2023

නාවික හමුදාව මඟින් මුලතිව් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සාර්ථකව පවත්වයි

මුලතිව් ප්‍රදේශයේ ධීවර ගැටළු සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කළ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2023 මැයි මස 25 වන දින නැගෙනහිර නාවික විධානයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් මුලතිව්, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයේදී පැවැත්විණි.

27 May 2023