වැදගත් සිදුවීම්

ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

12 Mar 2023

යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2023 මාර්තු මස 10 සහ 11 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම නාවික හමුදාවේ සහයෙන් සිදු කෙරිණි.

12 Mar 2023

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

2023 මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 11) වැලිසර, නාවික පරිශ්‍රයේදී විශේෂ කාන්තා දින සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කෙරිණි.

12 Mar 2023

සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 5 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට අයත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් පස්දෙනෙකු (05) අධිකාරියට පත් කිරීම, අද දින (2023 මාර්තු 11) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

12 Mar 2023

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ එක් නිලධාරීයෙක් (01) සහ නාවිකයන් තිස් එක් දෙනෙක් (31) විසිර යාම හා ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 10) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

11 Mar 2023

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල් උමාර් ෆරූක් බුර්කි (විශ්‍රාමික) (Maj Gen Umar Farooq Burki (Retired)) අද දින (2023 මාර්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

09 Mar 2023

‘සයුරුසර’ සඟරාවේ 46 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 46 වන කලාපය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද දින (2023 මාර්තු 08) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

08 Mar 2023

නාවික හමුදාවේ සහයෙන් ‍ත්‍රිකුණාමලය, අබේපුර ප්‍රදේශයේ ප්‍රජා අක්ෂි සායනයක් සහ සෞඛ්‍ය වැඩසටහනක් පවත්වයි

ත්‍රිකුණාමලය, අබේපුර ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී, 2023 මාර්තු මස 05 වන දින ත්‍රිකුණාමලය සහ හැඳල සිංහ සමාජයන් එක්ව සංවිධානය කළ ප්‍රජා අක්ෂි සායනයක් සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහනක් සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කෙරිණි.

07 Mar 2023

කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත්ව පවත්වයි

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ සහයක රදගුරු ගරු ඇන්ටන් රන්ජිත් පිල්ලෙනායගම් පියතුමා ගේ මෙහෙයවීමෙන්, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරම් මහතා ගේ සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සංවිධායක දායකත්වයෙන්, සහ ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 මාර්තු මස 03 සහ අද දින (2023 මාර්තු 04) අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, එහි අවසන් පූජා අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නියෝජනය කරමින්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් සහභාගී විය.

05 Mar 2023

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජානක නිස්සංක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජානක නිස්සංක උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 මාර්තු 02) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

03 Mar 2023