වැදගත් සිදුවීම්
ශාස්ත්‍රීය දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාළාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙනෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහ බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති කපිතාන් (වෙළඳ නැව් සේවා) නිමල් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
23 Dec 2021
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ABU UBAIDAH’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

2021 දෙසැම්බර් මස 18 වන දින නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ABU UBAIDAH’ යුද නෞකාව අද (2021 දෙසැම්බර් 20) එම නිළ සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව යන ලදී.
20 Dec 2021
නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව හැමිල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරයට සමගාමීව, හැමිල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශය සහ උස්වැටකෙයියාව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් මස 19 වන දින සිදු කෙරිණි.
20 Dec 2021
වයඹ නාවික විධානයේ අභිනවයෙන් ඉදිකළ ‘භරණ චෛත්‍යයේ’ කොත් වහන්සේ නිරාවරණය කෙරේ

වයඹ නාවික විධානයේ ශ්‍රීලංනානෞ භරණ ආයතනය තුළ පිහිටි විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ‘භරණ චෛත්‍යයේ’ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය 2021 දෙසැම්බර් 18 උඳුවප් පුර පසලොස්වක පොහාය දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
19 Dec 2021
නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව කඩොලාන පැළ ලක්‍ෂයක් රෝපණය කිරීම සහ පුත්තලම නව ජැටිය විවෘත කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරයට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත සිට මල්වතුඔය දක්වා කළපු, ගංඟා මෝය සහ ඉවුරු ආවරණය වන පරිදි කඩොලාන පැළ ලක්‍ෂයක් රෝපණය කිරීම සහ අභිනවයෙන් ඉදිකරන ලද පුත්තලම ජැටිය විවෘත කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රදානත්වයෙන් 2021 දෙසැම්බර් මස 18 වන දින සිදු කෙරිණි.
19 Dec 2021
ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු පකිස්තානු නාවික හමුදාවට අයත් ‘TUGHRIL’ දිවයිනෙන් පිටත් වෙයි

2021 දෙසැම්බර් මස 13 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘TUGHRIL’ යුද නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත් වූ සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව එම නෞකාව 2021 දෙසැම්බර් මස 16 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.
17 Dec 2021
නාවික හමුදාව මඟින් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙයි

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම අද (2021 දෙසැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.
15 Dec 2021
තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක කපිතාන් ජැකරින් කෝවර්ට් (Captain Jakarin Khowrat, RTN,) අද (2021 දෙසැම්බර් 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
14 Dec 2021
71 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක්

නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 10 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
13 Dec 2021
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 56 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 34 වන බඳවා ගැනීම (තාක්ෂණික) සහ ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 62 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 56 ක් විසිර යාම සහ අධිකාරියට පත් කිරීම 2021 දෙසැම්බර් මස 11 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, එම විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ගේ ආරාධනයට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
12 Dec 2021