වැදගත් සිදුවීම්

නාවික හමුදාව ඉදිකළ 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාලයේදී ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන්, වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2021 ඔක්තෝබර් 25) උතුරු මැද නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

25 Oct 2021

ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා අද (2021 ඔක්තෝබර් 25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

25 Oct 2021

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ බටහිර නාවික විධානය විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 ඔක්තෝබර් මස 23 වන දින වත්තල ප්‍රීතිපුර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

25 Oct 2021

කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘HMS KENT’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වේ

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් Type 23 Frigate පන්තියට අයත් ‘HMS KENT' නෞකාව 2021 ඔක්තෝබර් මස 23 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, කොළඹට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව 2021 ඔක්තෝබර් මස 24 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්ව යන ලදි.

25 Oct 2021

ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත සේන්දු වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL සහ MAGAR යන පුහුණු නෞකා කොළඹ වරායටත් SUJATA, SUDARSHINI, TARANGINI සහ VIKRAM යන පුහුණු නෞකා ත්‍රිකුණාමලය වරායටත් අද (2021 ඔක්තෝබර් 24) සේන්දු වූ අතර, එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. එමෙන්ම, මීට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ද (Vice Admiral Anil Kumar Chawla, Flag Officer Commander - in – Chief Southern Naval Command Indian Navy) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ලදී.

24 Oct 2021

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉදිකල අභිනව භික්‍ෂු නේවාසිකාගාරය සඟ සතු කෙරේ

අම්පාර, පොතුවිල් ඓතිහාසික මුහුදු මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ භික්‍ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීම 2021 ඔක්තෝබර් මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

23 Oct 2021

නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම සඳහා නාවික හමුදාධිපති සහභාගි වෙයි

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය උත්සවය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 ඔක්තෝබර් මස 22 වන දින සහභාගි විය.

23 Oct 2021

නාවික හමුදාධිපති අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කරයි

අනුරාධපුරය ඓතිහාසික පූජා භූමි පරිශ්‍රයේ ඉදිවන සඳහිරු සෑයෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න අද (2021 ඔක්තෝබර් 21) සහභාගී විය.

21 Oct 2021

නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ අම්පාර හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කිරීම 2021 ඔක්තෝබර් මස 18 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

19 Oct 2021

242 වන බඳවා ගැනීමට අයත් කාන්තා ආධුනික නාවිකයින් 67 දෙනෙකු විසිර යති

ගාල්ල, බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික කාන්තා නාවිකයින් 67 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2021 ඔක්තෝබර් මස 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

19 Oct 2021