වැදගත් සිදුවීම්
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සහ ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය අතර හමුවක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය වන චිත්‍රානී ගුණරත්න මැතිණිය 2020 ජනවාරි මස 30 වන දින ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා පරිශ්‍රයේදී, නිළ වශයෙන් හමුවිම සිදුවිය.
01 Feb 2020
මන්නාරම ප්‍රදේශයේ කැළෑවක් තුල සඟවා තිබූ මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 පෙබරවාරි 01) මන්නාරම ප්‍රදේශයේ සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදී සවුත්බාර් ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදි.
01 Feb 2020
කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජනවාරි 31 වන දින පලුගහතුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 4 ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය.
01 Feb 2020
මුහුදු ජලයේ බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු නාවික හමුදාව බේරාගනී.

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින මීගමුව මුහුදු ප්‍රදේශයේදී බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු බේරා ගැනීමට සමත් විය.
01 Feb 2020
කඩොලාන පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
01 Feb 2020
උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ලලිත් දිසානායක 2020 ජනවාරි මස 31 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
01 Feb 2020
නාවික හමුදා සහයෙන් කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙක් මන්නාරමේදී අත් අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 31 දින පොලිසිය හා එක්ව මන්නාරම, ඉරණමාතා නගර් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලදි.
01 Feb 2020
ජපාන නාවික හමුදා නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ජපාන නාවික හමුදා නියෝජිතයින් පිරිසක් 2020 ජනවාරි 31 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
01 Feb 2020
2019 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නම් කෙරේ

2019 වර්ෂයේ හොඳම ශ්‍රීලංකා නාවික හමුදා නෞකාව වශයෙන් ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවත් කුඩා නෞකාව වශයෙන් ඒ 521 නෞකාවත් හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව වශයෙන් පී 450 යාත්‍රාවත් 2020 ජනවාරි 31 දින නම් කරන ලද අතර, ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සුරතින් ජයග්‍රහණය ලද නෞකා සහ යාත්‍රාවන්ට හිමි තරු සලකුණ සහිත ඵලකයන් ලබා දීම සිදු කරන ලදි.
01 Feb 2020
මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු (01) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය.

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 31 බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත්ව සිටි ධීවරයෙකු (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.
01 Feb 2020