වැදගත් සිදුවීම්
නීති විරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (මැයි 05) මාන්කේනි පුදේශයේ සිදුකළ ජංගම මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
06 May 2019
නාවික හමුදාව පුක්කුලම් ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 60 ක් සොයා ගැනේ

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මැයි 05) විල්පත්තුව, පූක්කුලම් වෙරළ ප්‍රදේශයේ මාළු වාඩියක තිබී නිතිවිරෝධි ධීවර දැල් 60ක් සොයාගෙන ඇත
05 May 2019
නාවික හමුදාව විසින් නීතිවීරෝධි ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මැයි 04) පුල්මුඩේ, අරිසිමලේ වෙරළ ප්‍රදේශයේ දී නීතිවිරෝධි ධීවර කටයුතු සඳහා භාවිතාකරන ආම්පන්න කිහිපයක් සොයාගෙන ඇත.
05 May 2019
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ඊයේ (මැයි 04) පුත්තලම නගරයේදී හෙරොයින් ග්‍රෑම් 2.1 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
05 May 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.25 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මැයි 03) කල්පිටිය, කුරිඤ්ඤන්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.25 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
04 May 2019
නීති විරෝධී ධීවර දැල් සමඟ පුද්ගලයින් 06 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (03) සාවරිපුරම් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගෙන ඇත.
04 May 2019
ලැබ්‍රඩෝ රිට්‍රිවර් (Labrador Retriever ) වර්ගයේ සුනඛ යින් දෙදෙනෙකු නාවික හමුදාවට පරිත්‍යාග කෙරේ.

නාවික හමුදා සුනඛ සංචිතයට ලැබ්‍රඩෝ රිට්‍රිවර් (Labrador Retriever ) වර්ගයේ සුනඛයින් දෙදෙනෙකු ඊයේ (මැයි 03) මොරටුව, කටුබැද්දේ ප්‍රදේශයේ පදිංචි දෙවන්ගා අතුකෝරල මෙනවිය විසින් එම නිවසේදී පරිත්‍යාග කරන ලදී.
04 May 2019
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (මැයි 03) නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා එම අමාත්‍යංශ කාර්යාලයේ දී හමුවිය.
03 May 2019
රියර් අද්මිරාල් ජගත් රණසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ සිය වසර 35 ක නාවික සේවය නිමා කරමින් අද දින (මැයි 03) විශ්‍රාම යන ලදී.
03 May 2019
ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් අද (මැයි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.
03 May 2019