වැදගත් සිදුවීම්
ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 12) උප්පුරල් ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැක කටයුතු පුද්ගලයෙකු සොදිසි කිරීමට ලක්කර ඇති අතර, එහිදී එම පුද්ගලයා සතුව තිබී දේශීය ගිනිඅවියක්, ගිනිපෙට්ටි 47 ක් සහ ඊයම් බෝල 53 ක් අත්අඩංගුවට ගෙන ඇත.
13 Feb 2019
නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් චීන වරාය පොලිස් නිලධාරීන් සමඟ සිදුකළ මෙහෙයුමකින් ඊයේ (පෙබරවාරි 12) කප්පල්තුරෛ මදට්ටන් වෙරළ ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ මිටර් 250 දිගැති තහනම් දැලක්, කැනොයි වර්ගයේ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
13 Feb 2019
නාවික හමුදාධිපතිතුමන්ගේ උතුරු මැද නාවික විධාන සංචාරය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි 10 සහ 11 යන දෙදින උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
12 Feb 2019
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල් සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Military Sports) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය 2019 පෙබරවාරි 18 වන දින මෙවරත් ගාළු මුවදොරදී පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.
12 Feb 2019
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ රාජකාරි නියුතු අධිකාරී නොලත් නිලධාරින් වෙනුවෙන් පවුල් සුහද හමුවක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ අදහසකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අනුයුක්ත ත්‍රිවිධ හමුදා අධිකාරී නොලත් නිලධාරින් සඳහා පවුල් සුහද හමුවක් පසුගිය පෙබරවාරි 09 වන දින උස්වැටකෙයියාව, නාවික හමුදා මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
12 Feb 2019
ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (පෙබරවාරි 11) කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙක් (04) අත්අඩංගුවට ගෙන ඇත.
11 Feb 2019
ජෙලට්නයිට් කූරු 30 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් නිලධාරීන් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (පෙබරවාරි 10) මන්නාරම, සවුත් බාර් ප්‍රදේශයේදී ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 03 ක් (කූරු 30 ක්) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
11 Feb 2019
නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පෙබරවාරි 08 සහ 09 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය.
10 Feb 2019
නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 09) සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදි පල්ලියවාසල්පාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
10 Feb 2019
ජෙලට්නයිට් කූරු 54 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (පෙබරවාරි 09) කින්නියා ප්‍රදේශයේදී ජෙලට්නයිට් කූරු කිලෝග්‍රෑම් 7.56 ක් (කූරු 54ක්) සහ අඩි 50.6 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නුලක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී.
10 Feb 2019