වැදගත් සිදුවීම්
අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව පකිස්ථානය බලා පිටත්වෙයි

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව අද (පෙබරවාරි 02) කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය.
02 Feb 2019
කිලෝග්‍රෑම් 11 කට අධික රත්‍රං සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජනවාරි 02) කල්පිටිය, කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 11 කට අධික රත්‍රං තොගයක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
02 Feb 2019
නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

නාවික හමුදාව විසින් සිදු කළ දැනුම්දිමකට අනුව පට්ටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 01) මාතර, ගන්දර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
02 Feb 2019
නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 01) කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Feb 2019
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් (02) සීෂෙල්ස් රාජ්‍යය වෙත භාර දීමේ උත්සවය අද (පෙබරවාරි 01) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරිණි.
01 Feb 2019
‘නාවික සඟරාව’ (Navy Journal) සිව්වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික සඟරාව’ (Navy Journal) සිව්වන වේළුමේ පළමු කලාපය එහි ප්‍රධාන කතෘ කපිතාන් ප්‍රසාද් කාරියප්පේරුම මහතා විසින් අද (පෙබරවාරි 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා වෙත පිළිගැන් විය.
01 Feb 2019
නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

බේරුවල, ධීවර වරායෙන් පසුගිය ජනවාරි 03 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “වත්සලා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (පෙබරවාරි 01) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
01 Feb 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) කොටු කර ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව යාපනය, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 31) වැල්වැටිතුරෛයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.
01 Feb 2019
බීඩී කොළ කිලෝග්‍රෑම් 529 ක් සොයා ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් අද (ජනවාරි 31) මන්නාරම, නූර් වීදියේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 529 සොයා ගෙන ඇති අතර, මෙම බීඩී කොළ තොගය ලොරි රථයක් මඟින් ප්‍රවාහනය කර ඇත.
31 Jan 2019
මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06 ක් යළි ඉන්දියාවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 06 ක් යලි එරටට භාර දීම අද (ජනවාරි 31) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.
31 Jan 2019