වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ ‘රණජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) විජිත බණ්ඩාරනායක මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) විජිත බණ්ඩාරනායක මහතා අද (අගෝස්තු 21) වැඩ භාර ගන්නා ලදී.

21 Aug 2018

කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාව ඕස්ට්‍රේලියාව බලා පිටත්වෙයි
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව ඊයේ (අගෝස්තු 20) ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් විය.

21 Aug 2018

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ඊයේ (අගෝස්තු 20) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමුවිය.

21 Aug 2018

මුහුදේ අතරමං වූ ධීවරයින් 11 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (අගෝස්තු 20) දින ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවරයින් 11 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට සමත් විය

20 Aug 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 20) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

20 Aug 2018

ශ්‍රීලංනානෞ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා මහතා අද (අගෝස්තු 20) වැඩ භාර ගන්නා ලදී.

20 Aug 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 28 දෙනෙකු සහ විකිණිම සඳහා සඟවා තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට පත් විය.

20 Aug 2018

කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ඊයේ (අගෝස්තු 19) වැඩ භාර ගන්නා ලදී.

20 Aug 2018

නාවික හමුදාව කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.5 ක් සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී අද (අගෝස්තු 18) උදෑසන කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 08 ක් දුරින් පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.5 ක් සොයා ගෙන ඇත.

18 Aug 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘කාශ්මීර්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 13 වන දින කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් පකිස්ථානු වෙරළාරක්‍ෂක නෞකා ‘කාශ්මීර්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (අගෝස්තු 16) දිවයිනෙන් පිටත් විය.

16 Aug 2018