වැදගත් සිදුවීම්
බංග්ලාදේශය හා මාලදිවයින නාවික නිලධාරීන් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කෙරේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත බංග්ලාදේශ සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) විශේෂ පුහුණුවක් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මඟින් ත්‍රිකුණාමලයේ පිහිටි එම බලඝණ මූලස්ථානයේදී පැවැත්විමට කටයුතු කරන ලදී.
01 Jul 2018
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ගාල්ල, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ඉෂාන් පුතා 03” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (ජුනි 30) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
01 Jul 2018
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 27 වන දින සිදුකෙරිණි.
30 Jun 2018
කපිතාන් චන්දිම සිල්වා මහතා ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) චන්දිම සිල්වා මහතා අද (ජුනි 29) දින වැඩ භාර ගන්නා ලදී.
29 Jun 2018
ඉන්දියානු ආරක්ෂක උපදේශක උතුරු මැද නාවික විධානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා අද (ජුනි 29) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.
29 Jun 2018
කැනේඩියානු ආරක්ෂක උපදේශක නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් මයික් හෝගන් මහතා අද (ජුනි 29) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා හමුවිය.
29 Jun 2018
පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා (General Zubair Mahmood Hayat) අද (ජුනි 28) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
28 Jun 2018
කැනේඩියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් මයික් හෝගන් මහතා අද (ජුනි 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
28 Jun 2018
උතුම් වූ පොසොන් පොහෝ දිනය නාවික හමුදාව සැදැහැ සිතින් සමරයි

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරට ස්ථාපිත කිරීම සිදුවුණු පොසොන් පොහෝ දිනය ඊයේ (ජුනි 28) දිනට යෙදී තිබුණු අතර, පොසොන් පොහෝ දිනට සමගාමීව නාවික හමුදාව විසින් විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.
28 Jun 2018
ආරක්‍ෂක සේවා කායවර්ධන තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදාවට

ආරක්‍ෂක සේවා කායවර්ධන තරඟාවලිය පසුගිය ජුනි 26 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැති අතර, නාවික හමුදා කණ්ඩායම එහි අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර, එහි ශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදාව සමත් වන ලදී.
28 Jun 2018