වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති තුමා සිව්වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝතසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ
 

සිව්වන (4) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව නිමාව සනිටුහන් කරමින් 2018 මැයි 26 වන දින පැවති සහතික ප්‍රදානෝත්සවය අති උත්කර්ශවත් අන්දමින් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

30 May 2018

නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය (මැයි මස 24 සිට 27) දිනයන්හී දී ‍නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

29 May 2018

නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

29 May 2018

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2018’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් තෙවන වරටත් සංවිධානය කරන ලද ‘සැපයුම් සම්මන්ත්‍රණය - 2018’ සම්මන්ත්‍රණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පසුගිය මැයි 25 වන දින පවත්වන ලද අතර, ‘මුල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව: අවස්ථා හා අභියෝග’ යන්න මෙවර සම්මන්ත්‍රණයේ තේමාව විය.

29 May 2018

දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම වැලැක්වීමට නාවික හමුදාව දැඩි පරිශ්‍රමයක් දරයි
 

පසුගිය (මැයි 25) දින ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යට වු අතර, තවමත් එම ඇලෙහි ජලය පිටාර ගැලීම නොනැවතී පවතින බැවින් අද (මැයි 27) දිනද උදෑසන සිටම මාර්ගය දෙපස වැලි කොට්ට අතුරමින් ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් යුතුව නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කරයි.

27 May 2018

නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් තවමත් සක්‍රීයව ක්‍රීයාත්මක වේ.
 

පසුගිය මැයි 25 වන දින මාදම්පේ ප්‍රදේශයේ රාජකාරි සිදු කරමින් සිටියදී අතුරුදන් වු පොලිස් නිලධාරියාගේ මෘත දේහය ඊයේ (මැයි 26) දින නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් සොයාගැනීමට සමත් විය.

27 May 2018

ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය
 

ගං වතුරින් විපතටපත් ජනතාවෙගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් වල නිරතවේ.

26 May 2018

ගැබිනි කාන්තාවක් හා මාස 03ක දරුවකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වේ
 

ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට පහව යමින් පවතින අතර, විපතටපත් ජනතාවෙගේ සාමාන්‍ය ජන ජීවිතය නගාසිටුවීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 54 ක් දක්වා වැඩිකර ඇති අතර, තවදුරටත් සහන සැළසීමේ කටයුතුවල නිරතව ඇත.

26 May 2018

ඉන්දියානු ආරක්ෂක ‍‍උපදේශක දකුණු නාවික පෙදෙස භාර අඥාපති තුමන් හමුවෙයි.
 

ශ්‍රී ලංකා‍වේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ඊයේ (මැයි 25) දකුණු නාවික විධාන භාර අඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමු විය.

26 May 2018

නාවික හමුදාව තබ්බෝව ප්‍රදේශයේ ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වල
 

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් අද (මැයි 25) අළුයම 04.30 සිට මධ්‍යහන වනතුරු තබ්බෝව ප්‍රදේශයේ විපතට පත් පුද්ගලයින් 120 ක පමණ පිරිසක් මුදවා ගැනීමට සමත් වු අතර, මේ වනවිටද අඛණ්ඩ මුදවාගැනීමේ මෙහෙයුම් වල (4RU) ඒකකයේ නාවිකයින් නිරතව සිටී.

25 May 2018