වැදගත් සිදුවීම්
විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් පිදුම් ලබයි

ජාතික රණවිරු දිනයට සමගාමීව, වසර 25 කට වැඩි නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ප්‍රදානය කිරීමේ උත්සවය, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
20 May 2018
විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 23 දෙනෙකු විසිර යති

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 25 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් විසි දෙදෙනෙකු (22) සහ එක් (01) නිලධාරියෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (මැයි 19) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.
19 May 2018
සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු ‘සාගර’ නෞකාව යලි දිවයිනට

බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසයට සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා පසුගිය අප්‍රේල් 24 වන දින ශ්‍රී ලංකාවෙන් ඉන්දුනීසියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව එම පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (මැයි 18) දිවයිනට ලඟා විය.
18 May 2018
නාවික රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්වීම අද (මැයි 18) උදෑසන වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි.
18 May 2018
ඉන්දියානු යුද්ධ හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු යුද්ධ හමුදාධිපති, ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස ඊයේ (මැයි 16) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.
17 May 2018
උතුරු මුහුදේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
16 May 2018
ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකීක ධිවරයින් පස්දෙනෙකු නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහාය වෙයි

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනෙකු (05) යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව අද (මැයි 15) දින සිදු කෙරිණි.
15 May 2018
ලුතිනන් කොමාණ්ඩර් සේනක වාහල ශ්‍රීලංනානෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) සේනක වාහල මහතා අද (මැයි 15) වැඩ භාර ගන්නා ලදී.
15 May 2018
ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරාල් බිෆින් රාවට් මහතා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු යුද්ධ හමුදාධිපති, ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස අද (මැයි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
14 May 2018
‘උඩවලව සුපර් ක්‍රොස් - 2018’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා කාර්මික ඉංජිනේරු බලකාය (SLAEME) සහ ශ්‍රී ලංකා යතුරු පැදි සංගමය එක්ව සංවිධානය කරනු ලැබු ‘උඩවලව සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය පසුගිය මැයි 13 වන දින සෙවනගල පිහිටි ‘Craftsman’s Auto Drome’ ධාවන පථයේ දී සාර්ථකව නිමාවට පත් වන ලදී.
14 May 2018