වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව කළ වැටලීමකදී අද (28) කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු නවගත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
28 Mar 2017
රියර් අද්මිරාල් සරත්චන්ද්‍ර අමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
අධ්‍යක්ෂ සාගරික ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත්චන්ද්‍ර අමරසිංහ, එම්බීඒ, බීඑස්සී (ඉංජි) , සීඊඑන්ජී, එම්අයිඊ (ශ්‍රී ලංකා) මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (28) දින විශ්‍රාම යන ලදී.
28 Mar 2017
නාවික හමුදාධිපතිතුමාගේ ගිණිකොන නාවික විධාන සංචාරයට සමගාමීව විවෘත කිරීම් රැසක්
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (26) ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.
27 Mar 2017
තංගල්ල නව නාවික නිවාඩු මධ්‍යස්ථානය සහ උත්සව ශාලාව විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් තංගල්ල පරණ උසාවි ගොඩනැගිල්ල නවීකරනය කරමින් ස්ථාපනය කරන ලද නාවික නිවාඩු මධ්‍යස්ථානය සහ උත්සව ශාලාව ඊයේ (26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.
27 Mar 2017
ඇමරිකානු නාවික හමුදාවේ "කොම්ස්ටොක්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත් “කොම්ස්ටොක්” යුද නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (27) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
27 Mar 2017
ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (26) ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් 2 දෙනෙකු තණමල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
27 Mar 2017
නාවික හමුදා තොරතුරක් මත හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් විසින් සපයන ලද තොරතුරකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (27) වැල්වැටිතුරේයි ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
27 Mar 2017
පුහුණු සංචාරයක් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් දර්ශක් නෞකාව කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් “දර්ශක්” නෞකාව අද (27) පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
27 Mar 2017
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් විවෘත කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.
26 Mar 2017
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළාරක්ෂ බළකායට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (25) ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගන්නා ලදී.
26 Mar 2017


