වැදගත් සිදුවීම්

නාවික හමුදා සාගරික කයක් ගවේශණ කණ්ඩායම ශ්‍රී ලංකාව වටා යාත්‍රා කරයි
 

නාවික හමුදාවේ කයක් ගවේශණ කණ්ඩායම 2016 පෙබරවාරි මස 19 වන දින යාපනය අර්ධද්වීපයේ කරෙයිනගර් දූපතේ දී කිලෝමීටර් 1251 ක දුරක දිවයින වටා යාත්‍රා කිරීම ආරම්භ කරන ලද අතර, බස්නාහිර, දකුණ, නැගෙනහිර හා උතුරු මුහුදු තීරයන් ඔස්සේ අති දුෂ්කර හා වෙහෙසකර යාත්‍රා කිරීමකින් පසු ඊයේ (2) කරෙයිනගර් වෙරල තීරයේදී සිය මුහුදු ගවේශණය ඉතා සාර්ථකව නිම කරන ලදී.

03 Apr 2016

225 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 328 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 225 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 328 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමාවට පත් කරමින් අද (2) විසිර යන ලදී. පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී පවත්වන ලද එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා සහභාගී විය.

02 Apr 2016

හෙරොයින් කිලෝ 101 ක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට (මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද විශාලම තොගයයි)

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකින් දකුණු මුහුදේ දී මෙරටට ගෙන එමින් සිටි හෙරොයින් කිලෝග්‍රෑම් 101 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

01 Apr 2016

ප්‍රථම වරට එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් “බ්ලු රිජ්” නෞකාවේදී පැවැත්වෙයි

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් ප්‍රථම වරට “බ්ලු රිජ්” නෞකාවේදී පසුගිය 29 වන දින පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව වෙනුවෙන් 7 වන නෞකා දියත් විධානයේ කපිතාන් වෙස් බැනිස්ටර් මහතා ප්‍රමුඛ නිලධාරී මඩුල්ලක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී මඩුල්ලක් සහභාගී විය.

01 Apr 2016

සාම්පූර් මහා විද්‍යාලය නැවත ලබාදුන් නාවික හමුදාවට ශ්‍රී ලංකා එක්සත් දමිළ ගුරු සංගමයේ ප්‍රශංසාව

සාම්පූර් නාවික කඳවුරට අයත් භූමි ප්‍රදේශයේ ස්ථාපිතව තිබුණු සාම්පූර් මහා විද්‍යාලය, ප්‍රදේශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් නැවත ලබාදීම සම්බන්ධව ශ්‍රී ලංකා දමිළ එක්සත් ගුරු සංගමය නාවික හමුදාවට සිය ස්තූතිය පිරිනමා ඇත.

01 Apr 2016

34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා 34 වසරක අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (31) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදා සම්මාන ආචාරයකින් එතුමන් වෙත ආචාර දැක්වීමෙන් පසුව සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ දොරටුව දක්වා පා ගමනින් යමින් සහෘද නිලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සමුදෙනු ලැබිණි.

31 Mar 2016

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 7 දෙනෙකු, කිලෝග්‍රෑම් 40ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සමග ඊයේ (30) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.

31 Mar 2016

බටහිර නාවික විධානය හැඳල ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

බටහිර නාවික විධානයේ වැලිසර නාවික හමුදා රෝහල් සංකීර්ණයට අනුයුක්ත නාවික පුද්ගලයන් සහ හැඳල සිංහ සමාජය එක්ව 2016 මාර්තු මස 25 වන දින මට්ටක්කුලිය, එකමුතු ප්‍රජා ශාලාවේ දී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්විය.

30 Mar 2016

නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශක කණ්ඩායම ත්‍රිකුණාමලයට ළඟාවෙයි
 

2016 පෙබරවාරි මස 19 වන දින යාපනය, කරෙයිනගර් දූපතින් යාත්‍රා කිරීම ආරම්භ කළ නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශණ කණ්ඩායම මාර්තු මස 26 වන දින දහවල් ත්‍රිකුණාමලය වරායට ළඟා විය. මෙම පිරිස ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් දිවයිනේ බටහිර, දකුණු හා නැගෙනහිර මුහුදු තීරය පසුකර කිලෝමීටර් 1010ක දුර ප්‍රමාණයක් යාත්‍රා කොට ඇත.

30 Mar 2016

ශ්‍රී ලංකා නාවික හමුදාව "බ්ලූ රිජ්" නෞකාවේ නැව් මුළුව අතර සුහද ක්‍රීඩා තරඟාවලි කීපයක් පවත්වයි
 

පසුගිය 26 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ "බ්ලූ රිජ්" යුද නෞකාවේ නැව් මුළුව දෙරට අතර සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ක්‍රීඩා තරඟාවලි රැසකට සහභාගී විය.

28 Mar 2016