මෙහෙයුම් පුවත්

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 24 වන දින අළුයම සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), තහනම් දැල් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

25 Apr 2024

රුපියල් මිලියන 4 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව මන්නාරම වංකාලේ ප්‍රදේශයේ, 2024 අප්‍රේල් මස 21 වන දින දහවල් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් දහයකට (10) අධික තොගයක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු (04) සහ වෑන් රථයක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

23 Apr 2024

මුහුදේදී රෝගී වූ විදේශ ජාතිකයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ විදේශ ජාතිකයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

20 Apr 2024

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 17 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ, මූතුර් උප්පාරු මුහුදු ප්‍රදේශයේ, මුලතිව් නයාරු කළපු ප්‍රදේශයේ සහ පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 17 සහ 18 යන දිනයන්හීදී සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ හත් දෙනෙකු (17) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Apr 2024

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 12 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 17 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි

18 Apr 2024

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය එළිෆන්ට් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකල සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි

16 Apr 2024

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 08 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මූතූර්, උප්පාරු මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 14 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

16 Apr 2024

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 14 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 14 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් දහ හතර දෙනෙකු (14) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Apr 2024

රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133 ක් පමණ (කිලෝමීටර් 246 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක 'සමුද්‍රාරක්ෂා' නෞකාව යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 179 ග්‍රෑම් 906 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83 ග්‍රෑම් 582 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ එම මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගැනීමට පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) 2024 අප්‍රේල් මස 12 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම, 2024 අප්‍රේල් මස 13 වන දින ගාල්ල වරායේදී සිදු කෙරිණි.

14 Apr 2024

හෙරොයින් අලෙවි කළ පුද්ගලයෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, ත්‍රිකුණාමලය සමුද්‍රගම ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 08 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කල පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හයකට (06) අධික ප්‍රමාණයක් සමඟ නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

09 Apr 2024