11 වැනි සංග්‍රාමික කිමිදුම් පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේදී පැවති 11 වැනි සංග්‍රාමික කිමිදුම් පාඨමාලාවේ සහතික හා ලාංඡන ප්‍රදානෝත්සවය, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන්, එම මූලස්ථානයේදී 2026 අගෝස්තු මස 24 වැනි දින පැවැත්විණි.
නාවික හමුදාවේ දිය යට විශේෂ මෙහෙයුම් සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත නාවික හමුදා පුද්ගලයන් විශේෂ යාත්‍රා බලඝණය වෙතින් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සංග්‍රාමික කිමිදුම් පාඨමාලාව, 2026 ජුනි මස 01 සිට අගෝස්තු මස 24 දක්වා සාර්ථකව පැවැත්විණි. එම අභියෝගාත්මක පාඨමාලාව සඳහා සහභාගී වූ නාවික හමුදා පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) අතරින් නාවිකයින් සිව්දෙනෙකු (04) පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර, මෙලෙස සංග්‍රාමික සුදුසුකම් ලාංඡන සහ සහතිකපත් හිමිකර ගැනීමට සමත්විය.
1 /
6













