ඩෙංගු උවදුර මැඩලීම සඳහා නාවික හමුදාවේ දායකත්වය
රට තුළ පවතින ඩෙංගු අවදානම අවම කිරීම සහ ජනතාවගේ සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව ක්‍රියාත්මක කරන ‘ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා’ ජාතික වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිටී.
2026 ජූලි මස 31 වන දිනට මෙම ඩෙංගු මර්දන වැඩ සටහනේ විසිහත් වන (27) දිනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන්, සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන සාමාජිකයින් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් අසූතුන් දෙනෙකු (83) මෙම ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි. ඒ අනුව වත්තල, රාගම, මහර, බොරැල්ල, පානදුර, නාරාහේන්පිට, කැළණිය, ගම්පහ සහ මෝදර යන ප්‍රදේශයන්හි ස්ථාන දෙදහස් හාරසිය දොලහක් (2,412) පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන එකසිය දෙකක් (102) සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදි.
ජාතික ඩෙංගු මර්දන මෙහෙයුමේ කොටසක් ලෙස, ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩකඩ පවතින ස්ථාන හඳුනාගැනීමේ අරමුණින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි විධිමත් පරිසර පරීක්‍ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, අවදානම් සහිත ස්ථාන කඩිනමින් පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අඛණ්ඩව සිදු කරමින්, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට නාවික හමුදාව සක්‍රීය දායකත්වයක් ලබා දෙයි.













