අධ්‍යක්‍ෂ නාවික නිර්මාණ ඒකකයේ පුහුණුවෙන්, නාවික ඉංජිනේරු නිලධාරියෙකු වරලත් ඉංජිනේරුවරයෙකු ලෙස සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ නාවික නිර්මාණ ඒකකයේ පුහුණුව තුලින් වෘත්තීය සුදුසුකම් සපුරා වරලත් සාගරික ඉංජිනේරු තත්ත්වය හිමිකර ගත් පලමු නිලධාරියා බවට, ලුතිනන් කොමාණ්ඩර් දහම් ෆොන්සේකා පත්විය.
අධ්‍යක්‍ෂ නාවික නිර්මාණ (Directorate of Naval Design – DND) ඒකකය යටතේ ලැබූ වෘත්තීය පුහුණුව හා මඟපෙන්වීම මත මෙම ජයග්‍රහණය අත්කරගත් අතර, ඔහු වෙත වරලත් ඉංජිනේරු තත්ත්වය පිරිනැමීමේ උත්සවය 2026 ජූලි මස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් නාවික නිර්මාණ ශිල්පය සහ සමුද්‍රීය ඉංජිනේරු විද්‍යාව සඳහා බලයලත් පුහුණු ආයතනයක් ලෙස අධ්‍යක්‍ෂ නාවික නිර්මාණ ඒකකය පිළිගෙන ඇති අතර, එමඟින් නාවික හමුදා ඉංජිනේරු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම හා තාක්ෂණික නිපුණතා වර්ධනය කිරීම සඳහා ක්‍රමවත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
NAVSTRAT-2030 දැක්මට අනුව මානව සම්පත් සංවර්ධනය, තාක්ෂණික හැකියාවන් වර්ධනය හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවැනි වෘත්තීය සංවර්ධන වැඩසටහන් සුවිශේෂී දායකත්වයක් සපයයි.













