නාවික හමුදාවේ සම්පත් දායකත්වයෙන් ප්‍රථමාධාර පිලිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහනක් වාලච්චේන ධීවර වරායේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පවත්වනු ලබන ප්‍රථමාධාර පිලිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන් මාලාවෙහි, නැගෙනහිර නාවික විධානයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ පුහුණු වැඩසටහනක්, 2026 අගෝස්තු මස 21 වැනි දින මඩකලපුව, වාලච්චේන ධීවර වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
ධීවර ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්‍ෂිත බව තහවුරු කිරීම අරමුණු කර ගනිමින්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, එම විධානයේ වෛද්‍ය කාර්යය මණ්ඩලයකගේ සම්පත් දායකත්වයෙන් හා වාලච්චචේන සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයේ සහ වාලච්චචේන ධීවර වරාය කළමණාකාරීත්වයේ සංවිධායක දායකත්වයෙන් මෙම ප්‍රථමාධාර පිලිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන පවත්වන ලදි.
ඒ අනුව, මූලික ජීවන ආධාරක පිළිබඳව (Base Life Supports) හා මානසික යහපැවැත්ම මෙන්ම, මුහුදේදී ධීවර ප්‍රජාව වෙත සිදුවිය හැකි අනතුරු හා ප්‍රථිකාර සඳහා ගොඩබිමට පැමිණෙන තෙක් හෝ වෛද්‍ය සහාය ලැබෙන තෙක් රෝගියා වෙත මූලික ප්‍රථමාධාර ලබාදීම හා එම අවස්ථාව කළමණාකරණය කර ගැනීම සම්බන්ධයෙන් න්‍යායිකව හා ප්‍රායෝගිකව ධීවර ප්‍රජාව දැනුවත් කිරීම මෙම ප්‍රථමාධාර පිලිබඳ පුහුණු වැඩමුළුව තුලදී සිදු කෙරණු අතර, සහභාගී වූ ධිවරයින් දිරිමත් කිරීම සඳහා සහතික ලබා දීමද එහිදී සිදු කෙරිණි.













