EVENT NEWS 2026

UNODC නිලධාරිනියක් නාවික හමුදාධිපති හමුවෙයි

18 Aug 2026

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) වැඩසටහන් කාර්යාලයේ වැඩබලන ප්‍රධානී මෙන්ම, UNODC ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ (GMCP) නැගෙනහිර ඉන්දීය සාගර කලාපය භාර කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන Siji Song මහත්මිය අද දින (2026 අගෝස්තු 18) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි Siji Song මහත්මිය නාවික හමුදාධිපතිවරයා විසින් පිළිගැනීමෙන් අනතුරුව, දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවේදී මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙකුත් සමුද්‍රීය අපරාධ වැළැක්වීම ඇතුළු දෙපාර්ශවයට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ Siji Song මහත්මිය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

Accessibility Tools