10 වන අසමමිතික යුද උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව - 2026 ත්‍රිකුණාමළය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද අසමමිතික යුද උපක්‍රම පාඨමාලාවේ (10th Asymmetric Warfare Course - 2026) සහතිකපත් ප්‍රදානය කිරීම හා ලාංඡන පැලඳවීමේ උත්සවය 2026 ජූලි 10 වන දින එම මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරියගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
සති 10ක කාල සිමාවක් පැවති මෙම පාඨමාලාව සඳහා චීන මහජන සමූහාණ්ඩුව, ඉන්දීයාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් පුහුණුවන්නන් විසිපස් (25) දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාව සඳහා අසමමිතික සමුද්‍රීය මෙහෙයුම් හා සම්බන්ධ න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ඇතුලත් විය.
මෙම අසමමිතික යුධ පාඨමාලාව - 2026 සාර්ථකව නිමා කිරීමත් සමඟ, ශ්‍රී ලංකා නාවික හමුදාව සිය මෙහෙයුම් විශේෂඥතාව කලාපීය රටවල් අතර හුවමාරු කර ගැනීම, කලාපීය සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ නව අසමමිතික සමුද්‍රීය තර්ජනවලට මුහුණ දිය හැකි විශේෂ මෙහෙයුම් ධාරීතාවයකින් යුතු නාවික පුද්ගලයින් පිරිසක් බිහිකිරීම සඳහා ඇති කැපවීම සහ හැකියාව තහවුරු කරන ලදි.
තවද, මෙම අවස්ථාව සඳහා කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් Anand Mukundan, නැගෙනහිර නාවික විධානයේ සහ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගිවි සිටියහ.













