EVENT NEWS › 2026

නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය තුමන් බැහැදකියි

27 Jul 2026

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජුලි 27) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමන් විදේශ කටයුතු අමාත්‍යංශයේදී බැහැදකින ලදි.

ඒ අනුව, මෙම නිල හමුවීමේදී, නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා විසින් නාවික හමුදාධිපති වෙත සුභාශිංසන පිරිනමන ලද අතර, එම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති විසින් ගරු අමාත්‍ය තුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.

Accessibility Tools