EVENT NEWS 2026

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් අම්පාරේදී ජනතා අයිතියට

12 Jul 2026

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම උතුර දීගමණ්ඩල ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම 2026 ජුලි මස 10 වැනි දින සිදුකෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සිරස මධ්‍ය ජාලයේ ගම්මැද්ද සමාජ සත්කාරක වැඩසටහන යටතේ, කොහුවල පදිංචි බර්නඩීන් ද සිල්වා මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන් ස්ථාපනය කෙරුණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1158ක් ජනතා අයිතියට පත්කර ඇත. මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම උතුර දීගමණ්ඩල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ හා එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව පිරිසිදු පානීය ජලය සැපයීමේ මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායකත්වය ලබා දීමට කටයුතු කරනු ඇත.

Accessibility Tools