EVENT NEWS › 2026

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

04 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2026 ජූනි මස 27 වැනි දින නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, පොසොන් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් රෝහලේ සහ වවුනියාව මහ රෝහලෙහි ලේ බැංකු හා සම්බන්ධීකරණය වී සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායක වූහ.

Accessibility Tools