EVENT NEWS 2026

ගිනිකොන නාවික විධානයේ නව කණිෂ්ඨ නාවික විවාහක නිවාස 03ක් විවෘත කෙරේ

30 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කනිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ගිනිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනය තුළ අලුතින් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික විවාහක නිවාස තුනක් (03) විවෘත කිරීමේ උත්සවය 2026 ජූලි 29 වන දින ගිනිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිමල් රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නාවික පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය ප්‍රමුඛතාවක් ලෙස සලකා ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන වැඩසටහන් මාලාවේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම නව විවාහක නිවාස ස්ථාපිත කිරීම හැඳින්විය හැකිය. නව නිවාස පහසුකම් මඟින් නාවික පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වඩාත් සුවපහසු, ආරක්ෂිත සහ ගුණාත්මක නවාතැන් පහසුකම් සලසා දීම අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට ගිනිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු විරාජ් මල්ලවආරච්චි ඇතුළු එම විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගි සිටියහ.

Accessibility Tools