දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා වැඩ භාර ගනියි
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා අද දින (2026 ජූලි 30) දකුණු නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූල අභිනව ආඥාපති දකුණු නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම විධානයේ ආඥාපති ධූරය හෙබවූ රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන විසින් විධාන මූලස්ථානයේදී නිල වශයෙන් රාජකාරී භාරදීම සිදු කෙරිණි.
1 /
6













