EVENT NEWS 2026

වැලිසර නාවික සංකීර්ණයේ නාවික පුද්ගලයින්ගේ නේවාසික පහසුකම් පුළුල් කෙරේ

19 Jun 2026

නාවික හමුදා පුද්ගලයින්ගේ නවාතැන් පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින්, වැලිසර නාවික සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකළ අණදෙන නිලධාරි නිවාස දෙකක් (02) විවෘත කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘ලංකා’ ආයතනයේ ඉදිකළ නව කාන්තා නාවික නිවාසය විවෘත කිරීම බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන්, 2026 ජුනි මස 17 වැනි දින සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සිවිල් ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් සහ ඉංජිනේරු අංශයන්හී තාක්‍ෂණික, ශිල්පීය හා ශ්‍රම දායකත්වය ඇතිව අභිනවයෙන් ඉදිකරන ලද මෙම ගොඩනැගිලි විවෘත කිරීමෙන් අනතුරුව, ඒ සඳහා කැපවීමෙන් දායකත්වය ලබාදුන් සියළුම නාවික හමුදා පුද්ගලයින් ඇගයීමට ලක් කිරීමද නාවික හමුදාධිපති විසින් එහිදී සිදු කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools