EVENT NEWS 2026

සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම ජාත්‍යන්තර සාමසාධක දිනයේදි විශේෂ ඇගයීමට

08 Jun 2026

2026 මැයි මස 29 වන දින දකුණු සුඩානයේ බෝර් (Bor) නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාම සාධක දින සැමරුම් උත්සවයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශල්‍ය වෛද්‍ය කපිතාන් ලසන්ත උල්ලුවිස්හේවා සහ ශල්‍ය වෛද්‍ය කපිතාන් චමින්ද අමරසේකර යන ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් දෙපළ විසින් සිදුකරනු ලබන සේවය ඇගයීමට ලක් කරමින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය සිදු කෙරිණි.

දකුණු සුඩානයේ Jonglei ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආචාර්ය Riek Gai Kok Diang මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා දකුණු සුඩාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන සාම සාධක මෙහෙයුම් (UNMISS) ප්‍රධානී සහභාගී වු අතර, දකුණු සුඩාන ජනතාවගේ සෞඛ්‍ය සහ සුබසාධනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය නිලධාරීන් විසින් දක්වන ලද වෘත්තීය විශිෂ්ටත්වය සහ කැපවීම මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.

තවද , මෙම ඇගයීම තුළින් ජාත්‍යන්තර සාම සාධක සහ මානුෂීය මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වන සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාව මානුෂිය මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර වශයෙන් සිදුකරන කැපවීම තහවුරු කරන ලදි.

Accessibility Tools