EVENT NEWS › 2026

කළුතර හීනටියන්ගල සිරි සීවලී මහ විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

02 Nov 2026

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහනට අනුව නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය යටතේ, කළුතර දිස්ත්‍රික්කයේ හීනටියන්ගල සිරි සීවලී මහ විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කර සිසු අයිතියට භාරදිම අද දින (2026 නොවැම්බර් 02) සිදු කෙරිණි.

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල්කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, එම ව්‍යාපෘතියට සමඟාමීව පාසැල් තුල සිදුකෙරෙණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි, දෙවැනි අධියර යටතේ දිවයිනේ තෝරාගත් පාසැල් පරිශ්‍ර පිරිසිදු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණයෙන්, ත්‍රිවිධ හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාව මඟින්, කළුතර හීනටියන්ගල සිරි සීවලී මහ විද්‍යාල පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම් දොරටුව සකස්කර සවි කිරීම, ආරක්‍ෂක තාප්පය ඉදි කිරීම සහ භාවිතයට ගැනිමට සුදුසු වන ලෙස ලොකර් අළුත්වැඩියා කිරීම 2026 සැප්තැම්බර් මස 15 වන දින ආරම්භ කෙරුණු අතර, එම යටිතල පහසුකම් සංවර්ධන කටයුතු බටහිර නාවික විධානයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සාර්ථකව අවසන්කර සිසු අයිතියට පත් කිරිම මෙලෙස 2026 නොවැම්බර් මස 02 වන දින සිදුකෙරිණි.

Accessibility Tools