EVENT NEWS › 2026

නීතියේ ආධිපත්‍යය පිළිබඳව පැවති තෙදින සම්මන්ත්‍රණය ගාල්ලේදී සාර්ථකව නිමාවට පත්වෙයි

30 Oct 2026

එක්සත් ජනපදයේ ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය (United States Defense Security Cooperation Agency - DSCA) සහ ආරක්ෂක සහයෝගිතා විශ්වවිද්‍යාලය (Defense Security Cooperation University - DSCU) එක්ව සංවිධානය කරන ලද නීතියේ ආධිපත්‍යය පිළිබඳ තෙදින සම්මන්ත්‍රණය 2026 ඔක්තෝබර් 26 සිට ගාල්ල, ගින්තොට පිහිටි Radisson Blu Resort හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහි සහතිකපත් ප්‍රදානය, 2026 ඔක්තෝබර් මස 28 වැනි දින සිදුකෙරිණි.

වෘත්තීය වගකීම් ඵලදායීව ඉටු කිරීමේදී නීතියේ ආධිපත්‍යයේ වැදගත්කම පිළිබඳ අවබෝධය පුළුල් කිරීමේ අරමුණෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේදී, නාවික හමුදා පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණතා සංවර්ධනය, නීතිමය දැනුවත්භාවය සහ නාවික මෙහෙයුම්වලදී නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම පිලිබඳව දැනුම වර්ධනය හා යාවත්කාලීන කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය. ඒ අනුව, මෙම තෙදින (03) සම්මන්ත්‍රණය සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා ඇතුළු එම විධානය නියෝජනය කරමින් නිලධාරීන් හත් දෙනෙකු (07) සහභාගී වූහ.

තවද, මෙම තෙදින සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා එක්සත් ජනපදයේ ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය සහ ආරක්ෂක සහයෝගිතා විශ්වවිද්‍යාලය නියෝජනය කරමින්; එක්සත් ජනපද නාවික හමුදාවේ ලුතිනන් Jamie Bishop හා ලුතිනන් Summer Combs, එක්සත් ජනපද යුද්ධ හමුදාවේ කපිතාන් Armando Santiago සහ එක්සත් ජනපද මැරීන් බලකායේ කපිතාන් Stephen Sakowicz යන නිලධාරීන් සහභාගී වූහ.

Accessibility Tools