ලෝක ‘පියයුරු පිළිකා’ පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සමඟාමීව කාන්තා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ත්රිකුණාමලයේදී
ලෝක පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සමගාමීව, නැගෙනහිර නාවික විධානයට අයත් කාන්තා නාවික පුද්ගලයින් වෙනුවෙන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, නැගෙනහිර නාවික විධාන රෝහල් කාර්ය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන්, 2026 ඔක්තෝබර් මස 20 වැනි දින ත්රිකුණාමලය නාවික තටාකංගනයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, රෝගය කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම, නිසි වෛද්ය උපදෙස් ලබාගැනීම සහ රෝගය වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි ක්රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ අරමුනෙන් පවැති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය, නැගෙනහිර නාවික විධාන රෝහලේ මනෝ උපදේශන නිලධාරී ලුතිනන් කමාන්ඩර් චමිලා විතානගේ සහ ශල්ය වෛද්ය ලුතිනන් තවිෂ්යා ද සිල්වා විසින් සිදුකරනු ලැබීය.
තවද, කාන්තා නාවික හමුදා පුද්ගලයන් අතර සෞඛ්ය අධ්යාපනය ප්රවර්ධනය කිරීම, රෝග කල්තියා හඳුනාගැනීම දිරිගැන්වීම සහ පියයුරු සෞඛ්යය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා නැගෙනහිර නාවික විධාන වෛද්ය කාර්යය මන්ඩලයේ කැපවීම අවධාරණය කරමින් පැවති මෙම වැඩසටහන සඳහා කාන්තා නිලධාරින් සහ කාන්තා නාවිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.













