අභිනව වැඩ බලන කොමදෝරු සෞඛ්‍ය අධිකාරි (බටහිර) ලෙස වෛද්‍ය කපිතාන් අනුරුද්ධ හේරත් වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව වැඩ බලන කොමදෝරු සෞඛ්‍ය අධිකාරි (බටහිර) ලෙස වෛද්‍ය කපිතාන් අනුරුද්ධ හේරත්, අද දින (2026 ඔක්තෝබර් 12) නාවික මහ රෝහල කොළඹදී එම ධුරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
ඒ අනුව, කොමදෝරු සෞඛ්‍ය අධිකාරි (බටහිර) ලෙස කටයුතු කල වෛද්‍ය කොමදෝරු ධර්මප්‍රිය චන්ද්‍රගුප්ත විසින් වෛද්‍ය කපිතාන් අනුරුද්ධ හේරත් වෙත නාවික මහ රෝහල කොළඹදී නිල වශයෙන් රාජකාරී භාරදීම සිදු කෙරුණි.
2001 වර්ෂයේ ඉඳුරාම බඳවාගත් නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 2001 වර්ෂයේ සැප්තැම්බර් මස 17 වැනි දින අධිකාරියට පත් වෛද්‍ය කපිතාන් අනුරුද්ධ හේරත්, වැඩ බලන කොමදෝරු සෞඛ්‍ය අධිකාරි (බටහිර) ධූරයේ වැඩ භාර ගැනීමට ප්‍රථම නාවික මහ රෝහල කොළඹ හී කපිතාන් නාවික වෛද්‍ය පරිපාලන ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.
1 /
6













