EVENT NEWS › 2026

අභිනව වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා ලෙස වෛද්‍ය කොමදෝරු චින්තක විජේදාස වැඩ භාර ගනියි

16 Oct 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා ලෙස වෛද්‍ය කොමදෝරු චින්තක විජේදාස, අද දින (2026 ඔක්තෝබර් 16) නාවික හමුදා මූලස්ථානයේදී, එම ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා ලෙස කටයුතු කල වෛද්‍ය රියර් අද්මිරාල් ජනක මාරඹේ විසින් වෛද්‍ය කොමදෝරු චින්තක විජේදාස වෙත නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් රාජකාරී භාරදීම සිදු කෙරුණි.

1995 වර්ෂයේ ඉඳුරාම බඳවාගත් නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 1995 වර්ෂයේ මාර්තු මස 02 වැනි දින අධිකාරියට පත් වෛද්‍ය කොමදෝරු චින්තක විජේදාස, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා ධූරයේ වැඩ භාර ගැනීමට ප්‍රථම නාවික මහ රෝහල කොළඹ හී විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.

Accessibility Tools