ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමඟාමීව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්
ඔක්තෝබර් මස 10 වැනි දිනට යෙදී ඇති ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමඟාමීව, ‘Art & Aroma for Wellbeing’ තේමාව යටතේ නාවික හමුදා පුද්ගලයින්ගේ මානසික සුවතාව ප්‍රවර්ධනය කිරීම සහ මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කල දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2026 ඔක්තෝබර් මස 10 වැනි දින ශ්‍රි ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව, දකුණු නාවික විධානයේ මානසික සෞඛ්‍ය ඒකකයේ සම්පත් දායකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කිරීම මඟින්, නාවික හමුදා පුද්ගලයින්ගේ මානසික සුවතාව ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය හා පෞද්ගලික ජීවිතයේ ආතතිය කළමනාකරණය කිරීම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඔස්සේ තම හැඟීම් ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම අරමුණ විය.
ශ්වසන අභ්‍යාස සහ චිත්‍ර හා කලාත්මක නිර්මාණ ක්‍රියාකාරකම් මඟින්, සහභාගී වූ නාවික හමුදා පුද්ගලයන් හට ඔවුන්ගේ හැඟීම් හඳුනා ගැනීමට, නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීමට සහ යහපත් මානසික සුවතාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසුණු අතර, කලාත්මක නිර්මාණ නිපුණතාව හෝ සෞන්දර්යාත්මක වටිනාකම පිළිබඳව අවධානය යොමු කිරීම වෙනුවට, වර්ණ හා නිර්මාණ ඔස්සේ තම සිතුවිලි සහ හැඟීම් නිදහසේ ප්‍රකාශ කිරීමේ වැදගත්කම කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
තවද, මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම තුළින් නාවික හමුදා පුද්ගලයන්ගේ මානසික සුවතාව ශක්තිමත් කිරීම, සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් ගොඩනැඟීම සහ මානසික සෞඛ්‍ය පිළිබඳ විවෘත හා ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.













