EVENT NEWS › 2026

දිවි පිදූ නාවික විරුවන් අනුස්මරණය කරමින් බෞද්ධාගමික වැඩසටහනක් දිගම්පතානේදී

17 Oct 2026

හබරණ දිගම්පතාන ප්‍රදේශයේදී 2006 වර්ෂයේදී ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මුව්බිම වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා නාවික හමුදා රණ විරුවන් අනුස්මරණය කරමින්, එම වීරෝදාර නාවික පුද්ගලයන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ බෞද්ධාගමික වැඩසටහනක්, 2026 ඔක්තෝබර් මස 15 සහ 16 දෙදින දිගම්පතාන නාවික අනුඛණ්ඩයේදී, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් තුෂාර ජයවර්ධන‍ගේ අධීක්‍ෂණයෙන් පවත්වණු ලැබීය.

ඒ අනුව, මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව සුරැකීම උදෙසා දිවිපිදූ රණවිරුවන්ගේ මෙහෙවර කෘතවේදීව සිහිපත් කරමින් 2026 ඔක්තෝබර් මස 15 වැනි දින මාගල්ලෙන රජමහා විහාරයේ පල්ලේගම ගුණරතන ස්වාමීන් වහන්සේ වැඩම කරමවා බණ දේශණා පිංකමක් සහ පසු දින (2026 ඔක්තෝබර් 16) දානමය පූන්‍යකර්මයක් සිදුකර මෙලෙස දිවිපිදූ රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.

Accessibility Tools