EVENT NEWS › 2026

විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණික කෙටි කාලීන පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත්‍ර ප්‍රධානය කෙරේ

09 Oct 2026

ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය මඟින් පවත්වන ලද වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණික කෙටි කාලීන පුහුණු පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික හමුදා පුද්ගලයින් පහලොවක් (15) වෙත සහතික පත් ප්‍රධානය කිරීම, අද දින (2026 ඔක්තෝබර් 09) නාවල, ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලීය සෞඛ්‍ය විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය සුනිල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකරනු ලැබීය.

නාවික හමුදා වෛද්‍ය සහායක නාවිකයින්ගේ වෘත්තීය දැනුම හා ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් පැවති මෙම පුහුණු පාඨමාලාව මඟින් වෛද්‍ය රසායනාගාර තාක්ෂණය පිළිබඳ දැනුම හා නිපුණතා වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව සැලසුණු අතර, එමඟින් නාවික හමුදා සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

තවද, මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික වෛද්‍ය සේවා (රෝග නිවාරණ හා පුනුරුත්තාපන) වෛද්‍ය කපිතාන් දිනේෂ් ආරියදේව සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රසායනාගාර අංශයේ ප්‍රධානී ආචාර්ය දුලාරි විජේරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Accessibility Tools