EVENT NEWS › 2026

‘සයුරුසර’ සඟරාවේ 50 වන කලාපය වෙත නිර්මාණ ඉදිරිපත් කල ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමේ

16 Oct 2026

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරන ලද ‘සයුරුසර’ සඟරාවේ 50 වන කලාපය වෙත නිර්මාණාත්මක පද්‍ය, සිතුවම් සහ ඡායාරූප ඉදිරිපත් කර ජයග්‍රහන හිමිකරගත් නාවික හමුදා පුද්ගලයන් සහ නාවික පවුල්වල සාමාජිකයන්ගේ දක්‍ෂතා අගයමින් ඔවුන් වෙත මූල්‍ය ත්‍යාග පිරිනැමීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් අද දින (2026 ඔක්තෝබර් 16) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අනුව, ‘සයුරුසර’ සඟරාවේ 50 වන කලාපය වෙත ඉදිරිපත් කල නිර්මාණ අතරින් හොඳම කාව්‍ය නිර්මාණයට හිමි ත්‍යාගය, බල නැවි එච්එම්කේඑම් බංඩාර විසින් ද, හොඳම සිතුවම නිර්මාණයට හිමි ත්‍යාගය, කොමාණ්ඩර් (මැරීන්) නිෂාන්ත ප්‍රසාද්ගේ දියණිය දුලිනි සනන්යා උඩුගමසූරිය විසින් සහ හොඳම ඡායාරූපයට හිමි ත්‍යාගය, ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) යොමාල් වීරසිංහ විසින් නාවික හමුදාධිපති වෙතින් හිමිකර ගනු ලැබීය.

තවද, නාවික හමුදා පුද්ගලයන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණෙන් නාවික හමුදා මාධ්‍ය අංශය විසින් සයුරුසර සඟරාව 2007 වර්ෂයේ සිට ප්‍රකාශයට පත්කරනු ලබයි.

Accessibility Tools