නාවික හමුදාධිපති ත්රිකුණාමලය නාවික තටාකාංගණයේ ‘කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ යාත්රා සමාජය’ නිරීක්ෂණය සඳහා සහභාගි වෙයි
ත්රිකුණාමලය නාවික තටාකාංගණයේ පිහිටි ‘කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ යාත්රා සමාජය’ නිරීක්ෂණ සඳහා අද දින (2026 ඔක්තෝබර් 31) සහභාගි වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු , එම ක්රීඩා සමාජය මඟින් සිදුකෙරෙණ රුවල් යාත්රා පුහුණු කටයුතු වඩාත් උසස් අන්දමින් සිදුකිරීමට අවශ්ය උපදෙස් ලබාදෙනු ලැබීය.
ත්රීකුණාමලය, නාවික හා සාගරික විද්යාපීඨය යටතේ ක්රියාත්මක වන ‘කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ යාත්රා සමාජය’ මඟින්, ශ්රී ලංකා රුවල් යාත්රා සංගමයේ සහයෝගය සහිතව ජාත්යන්තර රුවල් යාත්රා තරඟාවලියක් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර , එමඟින් ප්රදේශයේ ජල ක්රීඩා ප්රවර්ධනය සඳහාද විශේෂ දායකත්වයක් ගෙනදෙනු ලබයි.
මෙම ක්රීඩා සමාජය මඟින් නාවික හමුදා පුද්ගලයන් සඳහා රුවල් යාත්රා පුහුණු පහසුකම් ලබාදෙනු ලබන අතර, එම පහසුකම් ප්රදේශයේ පාසල් දරුවන් වෙතද ලබා ගැනීමට නාවික හමුදාව අවස්ථාව උදාකර ඇත.
ඒ අනුව , මෙම නිරීක්ෂණ සංචාරයේදී, එම රුවල් යාත්රා සමාජයේ පුහුණුව සඳහා පැමිණ සිටි නාවික හමුදා පුද්ගලයන් සහ පාසල් දරුවන් දිරිගැන්වූ නාවික හමුදාධිපති, එම ක්රීඩා සමාජය මඟින් සිදුකෙරෙණ පුහුණු කටයුතු වඩාත් උසස් අන්දමින් සිදුකිරීමට මෙලෙස උපදෙස් ලබාදෙනු ලැබීය.













