EVENT NEWS › 2026

‘BIMSTEC – 2026’ අභ්‍යාසය සඳහා දිවයිනෙන් පිටත් වූ ගජබාහු නෞකාව අන්දමන් හා නිකෝබාර් දූපත් වෙත ලඟාවෙයි

31 Oct 2026

ඉන්දියානු නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘BIMSTEC – 2026’ සමුද්‍රීය ආරක්‍ෂක අභ්‍යාසයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව 2026 ඔක්තෝබර් මස 29 වැනි දින ඉන්දියාවේ අන්දමන් හා නිකෝබාර් දූපත්හි ශ්‍රී විජයපුරම් නගරයේ Port Blair වරාය වෙත ලඟාවූ අතර, ඉන්දීය නාවික හමුදාව විසින් ගජබාහු නෞකාව එහිදී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම සිදුකෙරිණි.

2026 ඔක්තෝබර් 30 වැනි දින ආරම්භවූ මෙම අභ්‍යාසය 2026 නොවැම්බර් මස 03 දක්වා, වරාය සහ මුහුදු අදියර වශයෙන් අදියර දෙකක් (02) යටතේ පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා BIMSTEC සාමාජික රාජ්‍යන්ගේ නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක බලකායන් නියෝජනය කරමින් යුද නෞකා සහ අනෙකුත් බලකා සහභාගී වේ.

ඒ අනුව, අන්දමන් සහ නිකොබාර් දූපත් වෙත අණදෙන ප්‍රධානී (Commander-in-Chief, Andaman and Nicobar Command - CINCAN) වයිස් අද්මිරාල් Vineet McCarty ගේ ප්‍රධානත්වයෙන් පැවති ‘BIMSTEC – 2026’ සමුද්‍රීය ආරක්‍ෂක අභ්‍යාසයේ සමාරම්භක දිනයේදී, එහි ආරක්‍ෂක ක්‍රමවේද ඇතුළු අභ්‍යාසයේ ක්‍රියාකාරකම් පිළිබඳව අභ්‍යාසය සඳහා සහභාගීවන පාර්ශව දැනුවත් කරනු ලැබීය. තවද, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් අශෝක වීරසේකර මෙම අභ්‍යාසයේ සමාරම්භක දිනයට සමඟාමීව නිල හමුවීම් සඳහාද එක්විය.

Accessibility Tools