ශ්රී ලංකා නාවික නෞකා ‘තිස්ස’ ආයතනය සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා ‘තිස්ස’ ආයතනයේ 69 වැනි සංවත්සරය 2026 ඔක්තෝබර් 15 වැනි දින අභිමානවත් ලෙස සමරනු ලැබීය.
ඒ අනුව, 69 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදා සම්ප්රදායානුකූලව නාවික පුද්ගලයින්ගේ අංශ පිරික්ෂුම එම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් තුෂාර ජයවර්ධන විසින්, එදින උදෑසන තිස්ස ආයතනයේ ප්රධාන සරඹ පිටියේදී සිදු කිරීමෙන් අනතුරුව, සාම්ප්රදායික මංගල භෝජන සංග්රහය පොදු භෝජනාගාරයේදී පැවැත්විණි.
තවද, 1957 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වැනි දින අධිකාරියට පත්කර ඇති තිස්ස ආයතනයේ 69 වැනි සංවත්සරය නිමිත්තෙන් මියගිය නාවික රණවිරුවන් සිහිකරමින් බෞද්ධාගමික වත්පිළිවෙත් අනුකූලව බෝධිපූජා වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 25 වැනි දින තිස්ස විහාරයේදි පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.
1 /
6













